Friday, May 3, 2024

General line - 0115112241

හෙරොයින් පානය කර සිරදඩුවම් විදින සිරකරුවන් පිරිසක් අද ප‍්‍රතිඥාවක් දෙයි

නිශාන් ද සිල්වා




ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව සිරකරුවන් එකසිය පනස් දෙනෙකු අද (30) ප‍්‍රතිඥාවක් ලබාදෙනවා.  

ඒ, ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමේදීයි.

හෙරොයින් පානය කර සිරදඩුවම් විදින සිරකරුවන් පිරිසක් මෙලෙස ප‍්‍රතිඥාවක් ලබාදෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.  

එම සිරකරුවන් පිරිස වීරවිල එළිමහන් වැඩ කදවුරේ රදවා සිටිනවා. යළි තමන් හෙරොයින් පානය නොකරන බවට ඔවුන් ප‍්‍රතිඥාවක් ලබාදෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය හෙටින් අවසන් වනවා. ප‍්‍රධාන උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.