Friday, May 3, 2024

General line - 0115112241

මදූෂ් තොරතුරු දුන් දේශපාලනඥයින් 07 කවුදැයි හෙළි කරනවා - රාජිත




අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ සිටින මාකදුරේ මදූෂ් දේශපාලනඥයින් හත් දෙනෙකු පිළිබඳ තොරතුරු හෙළි කර ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. 

එම දේශපාලනඥයින්ගෙන් සිව් දෙනෙක් ආණ්ඩු පක්‍ෂයේ බවත් අනෙක් තිදෙනා විපක්‍ෂයේ දේශපාලනඥයින් බවත් ඔහු විසින් පවසා ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ. 

එම පිරිසගේ නම් තමන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියෙන් පසු හෙළිදරව් කරන බවද රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියාසිටියා. 

අමාත්‍යවරයා මේ බව අනාවරණ කළේ උතුරු පයාගල ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.