Sunday, May 19, 2024

General line - 0115112241

හොංකොං විරෝධතා දැඩි වෙයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




හොංකොං රාජ්‍ය විරෝධතාවල නිරත පිරිස් එරට පාර්ලිමේන්තුවට ද පහරදී තිබෙනවා. මෙලෙස හොංකොංහි විරෝධතා ආරම්භ වුයේ බි‍්‍රතාන්‍ය පාලනය යටතේ පැවති හොංකොං රාජ්‍යය චීනයට පැවරීමේ 22වන සංවත්සරයට සමගාමීවයි.

වාර්ෂික ධජ එසවීමේ උත්සවය පැවැත්වෙන ගොඩනැගල්ලෙන් පිටත පළමුව විරෝධතාකරුවන් සිය විරෝධය පළ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

උණුසුම් මුහුණුවරක් ගත් මෙම විරෝධතා අතරතුර ඊට එක්ව සිටි පිරිස් සහ පොලිසිය අතර ගැටුම්ද හට ගැණුනා. පසුව එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුළු වූ විරෝධතාකරුවන් එහි බලය සියතට ගෙන පාර්ලිමේන්තුවේ දේපලවලට ද හානිකර තිබෙනවා.

පසුව ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලිසියට කඳුලූ ගෑස් ප‍්‍රහාරයක් ද එල්ල කිරීමට සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මීට සති කිහිපයකට පෙර හොංකොං රාජ්‍ය තුළ මෙලෙසම විරෝධතා පැවැත්වුණා. ඒ, අත්අඩංගුවට ගන්නා සැකකරුවන් චීනයට පිටුවහල් කිරීමේ උදර්පන නීති සංශෝධනයට විරෝධය පළ කරමින්. එහෙත් එම විරෝධතා සාමකාමී අයුරින් පැවැත්වුණා. මේ වනවිට රට තුළ මතුව ඇති උණුසුම් මුහුණුවරක් ගෙන ඇති විරෝධතා පැවති විරෝධතා මාලාවේම තවත් දිගුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.