Tuesday, May 7, 2024

General line - 0115112241

වර්ජනය අවසන් වූවත් දුම්රිය ප්‍රමාදයක්

කසුන් කැළුම්/ දිල්ශාන් තුෂාර




වර්ජනය අවසන්වුවද, දුම්රිය ගමන් කිහිපයක ප‍්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. අද පෙරවරුවේද දුම්රිය වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවූ බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. වර්ජනයේ නිරත වු දුම්රිය සේවකයින් බොහෝදෙනෙකු මෙතෙක් සේවයට වාර්තා නොකිරීම ඊට හේතුව බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.  දුම්රිය ධාවන කටයුතු අද දහවල් වනවිට යථාතත්ත්වයට පත්වනු ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

වර්ජනයේ නිරත වූ සියලූ දුම්රිය සේවකයින්ට සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සමකැදවුම්කරු එස් පී විතානගේ පැවසුවා.

දුම්රිය වෘත්තීය සමිති වර්ජනයක් ආරම්භ කර තිබුණේ බීමතින් රාජකාරී කළ වෘත්තීය සමිති ලේකම්වරයෙකුට එරෙහිව විනය පියවරගත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු සම්බන්ධයෙන් බලධාරීන් ගත් කි‍්‍රයාමාර්ගවලට එරෙහිවයි. කෙසේවෙතත් එම ගැටළුව සම්බන්ධයෙන් ප‍්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග අතර ඇති කරගත් එකගතාවකින් පසු දුම්රිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළා. 

එම එකගතාවන්ට අනුව ප‍්‍රවාහන අමාත්‍යවරයා කටයුතු නොකළහොත් යළිත් වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට එළඹෙන බවයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සමකැදවුම්කරු එස් පී විතානගේ පැවසුවේ.