Friday, September 20, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ පාගමනට ‘රතුපස්වල මිනිස්සු’ බොන්න වතුර දුන්න හැටි



පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට රජයෙන් වෙඩි තිබ්බද අපි අද රතුපස්වල වැසියන් ලෙස ඔවුන්ට බොන්න ජලය දෙනවා යැයි වැලිවේරිය ගල්ලොලුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියන් පවසනවා.

අද (31) දහවල් කාලයේ නුවර පාරේ ඔරුතොට හංදියට පැමිණ සිටි තෙරිපැහැ සිරිධම්ම හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා දෙනමක් සහ ගම්වාසීහු කිහිප දෙනෙක් ඒ ඉදිරිපිට වතුර බෝතල් ගොඩ ගසමින් මේ බව සඳහන් කර තිබෙනවා.

2013 වසරේ අගෝස්තු පළමු වැනි දා යුද හමුදාවෙන් ගම්වාසීන්ට මුලින්ම පහර දුන්නේ ද මෙම ස්ථානයේදීයි.

පසුව එම වතුර බෝතල් පොලිස් ජීප් රියකට පටවාගෙන ගොස් තිබෙනවා.

“පෙළපාළිය එන උදවිය මග දිගට තියන සුරාසල් සුද්ධකරගෙනලු එන්නේ. අපි මෙතන වැඩි වෙලාවක් ඉන්න එක හොඳ නෑ. ඒ නිසා ඔවුන්ට පානය කරන්න ජල බෝතල් තියලා අපි යනවා.‘ යැයි ද පවසමින් රතුපස්වලින් පැමිණි පිරිස පසුව පිටත්ව ගොස් තිබෙනවා.