Tuesday, May 7, 2024

General line - 0115112241

අද අලුයම දුම්රිය ගමන්වාර 4ක් අවලංගු වේ

කසුන් කැළුම්/ දිල්ශාන් තුෂාර




අද අලූයම ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 04ක් අවලංගු කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ වර්ජනය අවසන් කළද, අද අලූයම දුම්රිය සේවකයින් රාජකාරියට වාර්තා නොකිරීම හේතුවෙන් එම දුම්රියන් අවලංගු කිරීමට සිදුවූ බවයි. 

ඒ අනුව කොළඹ සිට රඹුක්කන දක්වා ධාවනය කිරීමට නියමිත තිබූ දුම්රිය සහ කොළඹ සිට වේයන්ගොඩ දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රියක් මෙලෙස අද අලූයම අවලංගු කර තිබෙනවා. එමෙන්ම අලූත්ගම සිට කොළඹ කොටුව බලා ධාවනයවීමට නියමිතව තිබූ දුම්රියන් 02ක්ද, අද අලූයම අවලංගු කෙරුණු බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ. 

කෙසේවෙතත් මේවනවිට සෙසු දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව එම පාලක මැදිරිය සඳහන් කළා.