Sunday, May 19, 2024

General line - 0115112241

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ආරක්ෂා කිරීමට ප‍්‍රංශය ඉදිරිපත් වේ

පවිත්‍රා මදුහර්ෂනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ආරක්ෂා කිරීමට ප‍්‍රංශය ඉදිරිපත් වී සිටිනවා. විදෙස් වාර්තා පවසන්නේ ගිවිසුම සම්බන්ධයෙන් වන නව සාකච්ඡා ආරම්භ කිරීමට අවශ්‍ය කොන්දේසි සොයා බැලීම සඳහා ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් සහ ඉරාන ජනාධිපති හසන් රොහානි එකඟතාව පළ කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප‍්‍රංශ ජනාධිපතිවරයා, ඉරාන ජනාධිපතිවරයා හට දුරකතන ඇමතුමක් ද ලබා දී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 2015දී එළඹුනු ඉරාන න්‍යෂ්ටික ගිවිසුම බිඳවැටීමේ ප‍්‍රතිවිපාක සම්බන්ධයෙන් ප‍්‍රංශ ජනාධිපතිවරයා මෙහිදී ඉරානයට සිය කණගාටුව ද පළ කර තිබෙනවා.  

ලෝක බලවතුන් 06 දෙනෙකු සහ ඉරානය අතර එළඹි න්‍යෂ්ටික ගිවිසුමට බාධා එල්ල වුණේ ඉන් ඉවත්වීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගත් තීරණයෙන් පසුවයි.