කලූ ජූලිය සුදු ජූලියක් බවට පත් කරමින් වත්මන් රජය මෙම මාසය තුළදී ජනතාවට සහන රැසක් ලබා දීමට කටයුතු කර ඇති බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 03වන මෙගා සතොස මාතර දී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප්වල සංශෝධනයක් ද සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින්ට ද වත්මන් රජය සහන සලසා ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.