ජනාධිපතිවරයාගේ නිල කාලය පිළිබඳ යළි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවද, පෙර ලබා දුන් තීන්දුවේ කිසිඳු වෙනසක් සිදු නොවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව සඳහන් කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙරට ඉඩම් අයිතිය විදෙස් රටවල්වලට ලබා දීමේ සූදානමක් පිළිබඳ පළවන වාර්තාවන්ට ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රතිචාර දැක්වුවා.
මහ නුවර අධිවේගී මාර්ගයේ කටයුතු වසර 05ක් ඇතුළත නිම කරන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.