Saturday, May 18, 2024

General line - 0115112241

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වින්දිතයන්ට වන්දි දීම තවදුරටත්




පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් විපතට පත් තැනැත්තන්ට වන්දි ලබා දීම තවදුරටත් සිදු වනවා. මෙම ප‍්‍රහාරයෙන් මියගිය බවට තහවුරු වූ 263 දෙනෙකු අතරින් 201 දෙනෙකු වෙනුවෙන් මේ වනවිට වන්දි ලබා දී ඇති බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. රුපියල් මිලයන 198ක් ඒ සඳහා වැය කර තිබෙනවා. 

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ බවට තහවුරු කර ගත් තැනැත්තන් 500 දෙනෙකු අතරින් 438 දෙනෙකුට ද මේවනවිට වන්දි ලබා දී තිබෙන බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ. රුපියල් මිලියන 64ක් ඒ සඳහා වැය කර තිබෙනවා. 

මෙම ප‍්‍රහාරයෙන් හානි වූ දේවස්ථාන යළි පිළිසකර කිරීම ද අවසන් කර හෝ සිදු කෙරෙමින් තිබෙන බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.