Monday, May 13, 2024

General line - 0115112241

දැල් පන්දු ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ දෙවෙනි තරගය අද




ලෝක කුසලාන දැල් පන්දු තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන දෙවන තරගය අද පැවැත්වෙනවා. ඒ, උතුරු අයර්ලන්තය සමගයි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව උතුරු අයර්ලන්ත දැල් පන්දු කණ්ඩායම 8 වන ස්ථානයේ පසු වනවා. 

ශී‍්‍ර ලංකා දැල් පන්දු කණ්ඩායමට හිමිව ඇත්තේ 18 වන ස්ථානයයි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලකුණු 79 ට 49 ක් ලෙස පරාජයට පත් වුණා. තරගාවලිය පැවැත්වෙන්නේ එංගලන්තයේ ලිවර්පූල්හිදීයි.