Thursday, May 16, 2024

General line - 0115112241

ආණ්ඩුව අසමත් වූ තැන් මහින්ද පෙන්වයි

රවින්ද්‍ර චන්ද්‍රලාල්




මෙරට ජාතික ගැටළුවට හෝ ආර්ථික ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීමට වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ගාල්ලේ දී පැවති වියත්මග වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ජාතික ප‍්‍රශ්නයට විසඳුම් ලබාදීමට යෝජනාවක් හෝ ගෙන ඒමට වත්මන් ආණ්ඩුවට නොහැකි වූ බවයි.   

එළඹෙන ජනාධිපතිවරණයට ජයග‍්‍රාහී අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවද විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියා.