Wednesday, May 15, 2024

General line - 0115112241

රුහුණු සරසවියේ වසා දැමුණු පීඨ 03ක් යළි විවෘත වේ

සමන්ත කුමාර/ සජිත් තිලකරත්න/මහේෂ් චතුරංග




රුහුණු විශ්වවිද්‍යාලයේ වසා දැමුණු වැල්ලමඩම පරිශ‍්‍රයේ පීඨ 3ක් හෙට (17) යළි විවෘත කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරීය තීරණය කර තිබෙනවා.

ඒ අනුව විද්‍යා, පශ්චාත් උපාධි සහ සාගර විද්‍යා හා තාක්ෂණික යන පීඨ හෙට දිනයේ දී විවෘත කිරීමට නියමිතයි.

නේවාසිකාගර හිමි සිසුන්ට අද පස්වරුව වනවිට නේවාසිකාගාර වෙත වාර්තා කරන ලෙසයි විශ්ව විද්‍යාල පාලනාධිකාරිය ඉල්ලා සිටින්නේ. රුහුණු විශ්ව විද්‍යාලයේ වැල්ලමඩම පරිශ‍්‍රයේ සියලූ පීඨ ඉකුත් 10 වැනිදා පස්වරුවේ සිට දින නියමයක් නොමැතිව වසා දැමුණේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන්.