Sunday, May 19, 2024

General line - 0115112241

තැපැල් සේවකයින් වර්ජනයක් අරඹයි

තරංග රුක්ෂාන් ජයසේකර




තැපැල් සේවකයින් අද (16) පස්වරු 04 සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින්. දින 02ක් පුරා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ. 

මෙම තැපැල් වර්ජනය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය අබ්දුල් හලීම්ගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. 

තැපැල් සේවකයින්ගේ ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.