Friday, May 3, 2024

General line - 0115112241

ඉස්ලාම් අන්තවාදය ගැන 2015 සිට ඉගි ලැබුණු හැටි විශේෂ කාරක සභාවේදී හෙළි වෙයි

ලහිරු කපුගේ/ඩිල්ෂාන් මඩවල




ආරක්‍ෂක අමාත්‍යාංශයේ වත්මන් උපදේශකවරයෙකු වන හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද සාක්‍ෂි ලබාදුන්නා. 

හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් මෙහිදී කියාසිටියේ ඉස්ලාම් අන්තවාදය ශී‍්‍ර ලංකාවේ හිස ඔසවන බවට තමන් පොලිස්පතිවරයාව සිටි සමයේද වරින් වර ඉගි ලැබුණු බවයි. ලැබුණු එවැනි ඉගි අනුව ඉස්ලාම් අන්තවාදය වළක්වාලීම සදහා විවිධ පියවරද ගැණුනු බවද ඔහු සිහිපත් කළා.

ඉස්ලාම් අන්තවාදය වළක්වාලීම සදහා පොලිස්පති බලතල යටතේ තමන් ගනු ලැබූ තවත් පියවර කිහිපයක්ද එන් කේ ඉලංගකෝන් මෙහිදී විස්තර කළා.
 

 

මේ අතර විශේෂ කාරක සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් පැවසුවේ ජාතික තව්හිද් ජමාත් සංවිධානය හෝ සහරාන් හෂීම් පිළිබද තමන් වෙත පූර්ව වාර්තාවක් ලැබී නොතිබුණු බවයි. 

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පෙර තමන්ට ආරක්‍ෂක කවුන්සිලය වෙත කැදවීමක් ලැබී නොතිබුණු බවද පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරීවරයා මෙහිදී කියාසිටියා.

විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ලාල් පෙරේරා ඇතුළු තවත් ආරක්‍ෂක ප‍්‍රධානීන් කිහිප දෙනෙකුද පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද සාක්‍ෂි ලබාදීමට නියමිතව සිටියා.