Saturday, May 4, 2024

General line - 0115112241

19 හැදූ ජයම්පති හැදූ 19 ගැනම කම්පා වෙයි

ඩිල්ෂාන් මඩවල




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය රටට ඉතා අගතිදායක ලෙස බලපා ඇතැයි එම සංශෝධනය සකස් කිරීමෙහි ප‍්‍රමුඛයෙකු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න පවසනවා. ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අද අදහස් දක්වමින්.
 

මෙහිදී නැගී සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර තාරක බස්නායක පැවසුවේ තවත් සංශෝධනයක් අවශ්‍ය නම් එය ඉදිරිපත් කිරීමේ පළමු වගකීම ඇත්තේ ආණ්ඩුවට බවයි. ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ඊට ද ප‍්‍රතිචාර දැක්වුවා.
 

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායකද මෙහිදි අදහස් දැක්වූවා.
 

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් සංවාදයට එක් වූ එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර් සම්බන්දන් පැවසුවේ වසර ගණනාවක් තිස්සේ තම මූලික අයිතිවාසිකම් උල්ලංගණය වෙමින් ඇති බවයි. තවදුරටත් එය දරාගත නොහැකි බවද ඔහු පැවසුවා.