Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රීලනිපය හා එජාපය අතර කිසිඳු සාකච්ඡාවක් නෑ - අමරවීර

ලහිරු කපුගේ




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය අතර කිසිදු දේශපාලනික සාකච්ඡාවක් සිදු නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර පවසනවා. 

ඔහු ඒ බව පැවසුවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීමට කෙරෙන සාකච්ඡා අතරතුර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ඇතුළු එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ශවයන් සමගද සාකච්ඡා සිදුකරන්නේ යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම ඊයේ (25) කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින්.

මේ අතර පළාත් සභා මැතිවරණය කඩිනම් කිරීමටද ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛතාව දී ඇතැයි මහින්ද අමරවීර මන්තී‍්‍රවරයා මෙහිදී කියාසිටියා.