Saturday, May 4, 2024

General line - 0115112241

මහබැංකු අධිපති සහ නීතිපති අද විශේෂ කාරක සභාව හමුවට

ලහිරු කපුගේ




පාස්කු ප‍්‍රහාරය පිළිබද සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ශී‍්‍ර ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ නීතිපති දප්පුල ද ලිවේරා අද (25) පෙනී සිටීමට නියමිතව තිබෙනවා. 

එමෙන්ම ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මූල්‍ය පාලන ඒකකයේ ප‍්‍රධානියාද එම කාරක සභාව හමුවේ අද පෙනී සිටීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

මේ අතර හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් ඇතුළු පාර්ශව කිහිපයක් පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඊයේ සාක්‍ෂි ලබාදුන්නා.