Sunday, May 19, 2024

General line - 0115112241

ඡන්ද දෙකක් එකට තියන්නත් පුළුවන්

සජිත් තිලකරත්න




ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දුනහොත් ජනාධිපතිවරණය සහ පළාත් සභා ඡන්ද විමසීම එකම වකවානුවකදී පැවැත්වීමට වුවද, තමන් සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඡන්ද විමසීම් දෙකක් එකම වකවානුවකදී පැවැත්වීම ප‍්‍රායෝගික දුෂ්කරතා ඇති කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එහෙත්, ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන නියෝගයක් පිළිපැදීමට සියලූ දෙනා බැඳී සිටින බැවින් ඇතිවිය හැකි ප‍්‍රායෝගික දුෂ්කරතා කෙසේ හෝ මගහරවා ගනිමින් කටයුතු කරන බව ද මැතිවරණ කොමිසම පැවසුවා. 

මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවිර ඉකුත් දා කියා සිටියේ පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් යාම පිළිබඳ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ ජනාධිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට එහිදී තීරණය කෙරුණු බව ද මන්තී‍්‍රවරයා පැවසුවා. 

ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දුනහොත් ජනාධිපතිවරණය සහ පළාත් සභා ඡන්ද විමසීම එකම වකවානුවකදී පැවැත්වීමට වුවද, තමන් සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීරගේ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි.

ජනාධිපතිවරණය  ලබන නොවැම්බර් 15 වැනිදාත්, දෙසැම්බර් 07 වැනිදාත් අතර පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිසම මීට පෙර ප‍්‍රකාශ කළා.