Sunday, May 19, 2024

General line - 0115112241

පොහොට්ටුවේ අභ්‍යන්තර කරුණු වෙල්ගමගෙන් එළියට

සජිත් තිලකරත්න




ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම රාජපක්ෂවරයෙකු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම පවසනවා.

කුමාර වෙල්ගම මන්තී‍්‍රවරයා ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට තමන්ද සූදානම් බවට ප‍්‍රකාශ කළ අයෙක්.

එහෙත්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එවැනි අවස්ථාවක් තමන්ට හිමි නොවනු ඇතැයි දැන් හැගී යන බව නෙත් නිවුස් සමග කළ අලූත්ම සංවාදයකදී ඔහු කියා සිටියා. 

ජනාධිපති අපේක්ෂකත්වය නොලැබී ගිය හොත් ජනාධිපතිවරණයේදී ගනු ලබන ස්ථාවරය පිළිබඳව ද නෙත් නිවුස් කුමාර වෙල්ගම මන්තී‍්‍රවරයාගෙන් මෙහිදී විමසා සිටියා.

එහිදී "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් දිනන්න පුළුවන් අශ්වයෝ ඉන්නවා. දැන්ම ඒ ගැන කතා කරලා තේරුමක් නෑ. අශ්වයෝ ගැන කතා කරන්න ඕනේ එකඟතාවයකට ආවට පස්සේ" යනුවෙන් සඳහන් කළා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරණය ජය ගත හැක්කේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග කළ හොත් පමණක් බව ද පාර්ලිමේන්තු මන්තීී‍්‍ර කුමාර වෙල්ගම මෙහිදී කියා සිටියා.