Sunday, May 19, 2024

General line - 0115112241

වෙනත් රටක මැදිහත් වීමෙන් ශ‍්‍රී ලංකාවේ තේ යළි තර්ජනයක

රංජිත් රාජපක්ෂ




ශ‍්‍රී ලංකාවේ තේ සඳහා ලැබී තිබුණු ජාත්‍යන්තර ප‍්‍රමිති සහතික කිහිපයක් අවලංගු වීම නිසා ශ‍්‍රී ලංකාවේ තේ සඳහා ජාත්‍යන්තරයේ ඇති ඉල්ලුම අඩුවී ඇතැයි වතු සමාගම් පවසනවා. විශේෂයෙන්ම යුරෝපා රටවලින් ශ‍්‍රී ලංකාවේ තේ සඳහා ඇති ඉල්ලුම කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ. 

වතු හිමියන්, වතු කම්කරුවන්ගේ ආර්ථික තත්ත්වය නංවාලීමට කටයුතු නොකරන බව සහ වතු කම්කරුවන්ට ප‍්‍රමාණවත් යටිතල පහසුකම් ලබා නොදෙන බව පවසමින් ශ‍්‍රී ලංකාවේ තේ සඳහා ලබා දී තිබූ අදාළ ජාත්‍යන්තර ප‍්‍රමිති අවලංගු කර තිබෙනවා. ශී‍්‍ර ලංකාවේ තේ වෙළඳපල දිනා ගැනීමට උත්සහ කරන වෙනත් රටක් කුමන්ත‍්‍රණකාරී ලෙස මේ සඳහා මැදිහත් වී ඇති බවයි වතු සමාගම් වැඩිදුරටත් පවසන්නේ. 

ශ‍්‍රී ලංකාවේ තේ සඳහා වෙන්දේසියේදී මේ වනවිට ලැබෙන්නේ කිලෝ ග‍්‍රෑම් 01 කට රුපියල් 400 ත් 500 ත් අතර මිලක් බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එහෙත්, කර්මාන්තය පවත්වා ගෙන යාමට පවා එය ප‍්‍රමාණවත් නොවන බවයි වතු සමාගම් කියා සිටියේ.