Sunday, May 19, 2024

General line - 0115112241

ටියුෂන් ගුරා ඇතුළු 08 දෙනා යළි රිමාන්ඩ් 

දිනුක් හේවාවිතාරණ




කළගෙඩිහේන ප්‍රදේශයේ දී වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ගණිත දේශක දිනේෂ් අමරතුංග ඇතුළු පුද්ගලයින් 08 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කරනු ලැබුවා..

ඔවුන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අගෝස්තු මස 05 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

වෑන් රථයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර ගණිත දේශකවරයා සමග තවත් තිදෙනෙකු පසුගිය 22වනදා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වු අතර තවත් සැකකරුවන් සිව්දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිමෙන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.