Sunday, May 19, 2024

General line - 0115112241

මවක් සිය නිවුන් දියණියන් දෙදෙනා කපා කොටා ඝාතනය කරයි




සමන්තුරේ නින්දවූර් ප්‍රදේශයේ නිවසක මාස 10ක් වයසැති නිවුන් දැරියන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. ඝාතනයන් සිදුවූ නිවසේ නාන කාමරය තුළ දී මෙලෙස නිවුන් දැරියන් දෙදෙනා ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

මෙම ඝාතනයන්ට සම්බන්ධ බව කියන දැරියන් දෙදෙනාගේ මව මේ වන විට රෝහල් ගත කර ඇති අතර සැකකාර මවට මානසික රෝගයක් ඇති බවට සැක කරන බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය විමර්ශන සිදුකරයි.