Friday, May 3, 2024

General line - 0115112241

ධුරවලින් ඉල්ලා අස්වූ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු යළි ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

දිනුක් හේවාවිතාරණ




පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු මීට සුළු වේලාවකට පෙර ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ යළි නව අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුව රවුෆ් හකීම් නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්, රිෂාඞ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස සිය කැබිනට් ඇමතිධුරයන් හි දිවුරුම් දෙනු ලැබුවා.

අමීර් අලි සෙයිඞ් මොහොමඞ්සි හාබ්දන් කෘෂිකර්ම, වාර්මාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේද අබ්දුල්ලා මහරුෆ් වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබුවා.

මේ අතර බුද්ධික පතිරණ කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

.