Friday, May 3, 2024

General line - 0115112241

මහ බැංකු බැඳුම්කර වංචා නඩු විභාගය නවත්වන්නැයි ඉල්ලා පෙත්සමක්

දිනුක් හේවාවිතාරණ




මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂක, නඩුවේ 10 වැනි විත්තිකාර සිංගප්පුරූ පුරවැසියකු වන අජාන් ගාර්දිය පුංචිහේවා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

අජාන් ගාර්දිය පුංචිහේවා විසින් ගොනු කොට ඇති මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මූල්‍ය විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා, අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ ලේඛකාධිකාරීවරයා ඇතුළු 16 දෙනෙකු නම් කොට ඇත.

නීතීඥ ලංකා ආර්.ධර්මසිරි මෙනෙවිය මාර්ගයෙන් සිය පෙත්සමේ ඉදිරිපත් කරමින් අජාන් ගාර්දිය පුංචිහේවා සදහන් කර ඇත්තේ තමන් මූල්‍ය කළමනාකරණ උපාධිදාරියකු බවත් එක්සත් රාජධානියේ මෙන්ම ලංකාවේ ද්විත්ව පුරවැසියකු බව සදහන් කර ඇත.

වසර ගණනාවක් පුරාම ප‍්‍රාග්ධන වෙළද විශ්ලේෂකයකු වශ්‍යයෙන් කටයුතු කළ බවද ඉන්පසු තමාගේ පාසල් මිතුරෙකු වු අර්ජුන ඇලෝසියස් ඇරඹු පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ විධායක නොවන අධ්‍යක්‍ෂවරයකු වශයෙන් පත් කළ බව පවසන පෙත්සම්කරු තමන් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ විධායක නොවන අධ්‍යක්‍ෂවරයකු මිස තමන් පිළිබද වෙනත් කිසිදු කරුණක් මහා බැංකු බැදුම්කර වාර්තාවේ සදහන්වී නැතැයිද සදහන් කර ඇත.

2015 පෙබරවාරී 18 වැනි දින සිට 2017 ජුලි 18 වැනි දින දක්වා පර්පචුවල් ටෙෂරීස් විධායක නොවන අධ්‍යක්‍ෂවරයකු වශ්‍යයෙන් කටයුතු කළ පෙත්සම්කරු මහා බැංකු බැදුම්කර වංචා සිද්ධිය සැකකරුවකු වශ්‍යයෙන් නම් කොට අධිකරණයට ඉදිරිපත් කළ බවද සදහන් කොට ඇත.

මහා බැංකු බැදුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මඟින් කරුණු වාර්තා කළ බවත් ඉන් පසුව මෙම බැදුම්කර සිද්ධිය විභාග කීරීම සදහා ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කළ බවද සදහන් කරන පෙත්සම්කරු නීතීපතිවරයා විසින් එම ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා ගොනු කළ බවද සදහන් කොට ඇත.

නීතීපතිවරයා විසින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනු කළ එම නඩුවේ විත්තිකරුවකු වශ්‍යයෙන් තමන්ද නම් කොට ඇතැයිද සදහන් කරන පෙත්සම්කරු පෙත්සමේ සදහන් තට්ග්ත්වයන් තුළ නීතීපතිවරයා විසින් තමන්ට එරෙහිව අධි චෝදනා නැඟීම නීතීයට පටහැනි බවද සදහන් කර ඇත.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු තමන්ට එරෙහි අධිචෝදනා විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද එතෙක් අදාළ චෝදනා ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සම සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම සැප්තැම්බර් 10 වැනිදා යළි කැඳවන ලෙස දින නියම කළා.