Thursday, May 9, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයේ සහාය කාටද - තීරණය සැප්තැම්බර් 2 වනදා

මහේෂ් චතුරංග




ජනාධිපතිවරණයේදී තමන් සහාය දෙන්නේ කාටදැයි ලබන සැප්තැම්බර් මස 2 වනදා පැවැත්වෙන පක්‍ෂ සම්මේලනයේදී ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසනවා. කොළඹ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මේ බව සදහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකද මෙහිදී අදහස් පළ කළා. ඔහු කියාසිටියේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සිය ද්විත්ව පුරවැසිභාවය ඉවත් කළ බවට සදහන් ලිපිය හැකි නම් ප්‍රසිද්ධ කරන ලෙසයි.