Thursday, May 9, 2024

General line - 0115112241

මහජන උපයෝගිතා කොමිසමේ බලතල විදුලිබල අමාත්‍යංශයට පවරා ගැනීමට විරෝධයක්

දිල්ෂාන් තුෂාර




සිය බලතල විදුලිබල අමාත්‍යාංශයට පවරා ගතහොත් ඉදිරියේදී විදුලි බිලටත් මිල සූත‍්‍රයක් කි‍්‍රයාත්මක වනු ඇතැයි මහජන උපයෝගීතා කොමිසම පවසනවා. 

එහි ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ මේ වනවිට විදුලි බිල ඇතුළු ඊට අදාළ නියාමනය පිළිබද බලය ඇත්තේ මහජන උපයෝගිතා කොමිසමට බවයි. මහජන උපයෝගිතා කොමිසමේ බලතල විදුලි බල මණ්ඩලයට පවරා ගැනීමේ යෝජනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. 

මේ, එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන.

මහජන උපයෝගිතා කොමිසමට පැවරී ඇති බලතල අනුව මීට පෙර විදුලි ගාස්තු ඉහළ නැංවූ කාලවකවානු සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි  කෙරුණා.