Thursday, May 9, 2024

General line - 0115112241

නව සන්ධානයෙන් සිදුවන්නේ එජාපය තවත් පරිහානියට ලක් වීමයි - මෛත්‍රී ගුණරත්න

සමන්ත කුමාර/ හේරත් ඒකනායක




එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්‍ෂවල නායකයන් අතර සාකච්ඡාවක් ඊයේ (01) රාති‍්‍රයේ අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙනවා. 

නව පෙරමුණේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඊයේ පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් වූ සංශෝධන සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදි අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් විසින් ඉදිරිපත් කළ සංශෝධන එක්සත් ජාතික පක්‍ෂ සභාපති අමාත්‍ය කබීර් හෂිම් විසින් ඊයේ (01) රාති‍්‍ර පැවති සාකච්ඡාවට එක්ව සිටි පක්‍ෂ නායකයින්ට ඉදිරිපත් කර ඇති බවද දේශපාලන ආරංචි සදහන් කළා. 

මේ අතර නව පෙරමුණක් බිහි කිරීම තුළින් සිදුවන්නේ එක්සත් ජාතික පක්‍ෂය තවදුරටත් පරිහානියට පත්වීම පමණක් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛතී‍්‍ර ගුණරත්න පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී අදහස් පළ කළා.