Saturday, May 4, 2024

General line - 0115112241

අර්බුද නිසා එජාපයට සන්ධානගතවීමට ඉඩක් නැහැ - මහින්දානන්ද කියයි.

රංජිත් රාජපක්ෂ/ මහේෂ් චතුරංග




එක්සත් ජාතික පක්‍ෂයට සන්ධානගතවීමට හෝ අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ පවසනවා. 

පක්‍ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ තීරණවලට එක්සත් ජාතික පක්‍ෂයේ බහුතරයක් විරෝධය දැක්වීම ඊට හේතුව බවයි මහින්දානන්ද අලූත්ගමගේ මන්තී‍්‍රවරයා කියාසිටියේ.

මහින්දානන්ද අලූත්ගමගේ මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කළ ගෙයින් ගෙට යාමේ ප‍්‍රචාරණ වැඩසටහන නාවලපිටියෙන් අද ආරම්භ කරමින්. මෙම ප‍්‍රචාරණ වැඩසටහන සම්බන්ධයෙන්ද මන්තී‍්‍රවරයා මෙලෙස අදහස් පළ කළා.