Friday, May 3, 2024

General line - 0115112241

කරඩුව වැඩම කරවූ නැදුන්ගමුවේ හස්ථි රාජයා මෙවර දළදා පෙරහැරට එක් නොවන බව හෙළිවේ




වසර කිහිපයක සිට දළදා කරඬුව වැඩම කර වූ නැදුන්ගමුවේ හස්ථි රාජයා අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට එක් නොවන බව දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල පවසනවා. 

ඔහු ඒ බව සදහන් කළේ ශී‍්‍ර දළදා මාළිගා පරිශ‍්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සදහා පූර්ණ ආරක්‍ෂාවක් යොදවා ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.