Saturday, May 18, 2024

General line - 0115112241

වැල්ලවත්තේ ගැටුමෙන් පොලිසියේ තිදෙනෙකුත් රෝහලේ 




වැල්ලවත්ත ප්‍රදේශයේ ඊයේ (04) රාත්‍රියේ දෙපිරිසක් අතර හට ගත් ගැටුම හේතුවෙන් 06 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ දෙපාර්ශ්වයේ පුද්ගලයින් 03 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 03 දෙනෙක්. ඔවුන් සුළු තුවාල ලබා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බීමත්ව ඇති වූ ආරවුලක් මත මෙම ගැටුම දුරදිග ගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රි 10.45ට පමණ වැල්ලවත්ත ලක්මුතු සෙවන නිවාස සංකීර්ණයේ පිරිසක් හා පුද්ගලික කොන්ත්‍රාත් සමාගමක පිරිසක් අතර මෙම ගැටුම හටගෙන තිබුණා. මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.