Saturday, May 18, 2024

General line - 0115112241

ආණ්ඩුකාරවරු තිදෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි




පළාත් තුනක් සඳහා පත් කළ ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ අනුව, රජිත කීර්ති තෙන්නකෝන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද, මෛත‍්‍රී ගුණරත්න ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද, හේමාල් ගුණසේකර දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද දිවුරුම් දෙනු ලැබුවා. 

ජනාධිපති නිල නිවසේදී එම දිවුරුම් දීම සිදුවුණා.