Saturday, May 18, 2024

General line - 0115112241

පුද්ගලයෙකුට කඩුවකින් කෙටූ සිද්ධියේ සැකකාර නාගරික මන්ත්‍රි අත්අඩංගුවට




අද (05) අලුයම පුද්ගලයෙකුව කඩුවකින් කපා කොටා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර දඹුල්ල මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද අලුයම 1.30ට පමණ දඹුල්ල පොලිස් වසමේ ජලාශ පාර ප්‍රදේශයේදී මෙලෙස පුද්ගලයෙකුව කඩුවකින් කපා කොටා තුවාල සිදු කර ඇති බවට දඹුල්ල පොලිසියට තොරතුරු ලැබී තිබුණා.

පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදුව ඇති බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

සැකකාර නාගරික මන්ත්‍රිවරයාගේ වයස අවුරුදු 41ක් වන අතර ඔහු අංක 611/1 ජලාශ පාර දඹුල්ලේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ අනුර බණ්ඩාර නැමැත්තෙක්.