Wednesday, May 15, 2024

General line - 0115112241

සහරාන් සමග පුහුණුව ලැබූ තවත් තිදෙනෙක් අත්අඩංගුවට 

දිනුක් හේවාවිතාරණ




පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් යටතේ නුවරඑළිය සහ හම්බන්තොට කදවුරුවල පුහුණුව ලැබූ තවත් තිදෙනෙකු අම්පාර පොලීසිය මගින් අද (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මොවුන් තහනම් සංවිධාන වන ජාතික තවුහිද් ජමාත් සහ ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් යන සංවිධානවල ක්‍රියාකාරික සාමාජිකයින් ලෙස කටයුතු කර ඇති කදුරුවෙල, මාවනැල්ල සහ වරකාපොල  ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ තිදෙනාගෙන් දෙදෙනෙකු දැනට නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන පුද්ගලයින් බවට හෙළි වී තිබෙනවා.

පසුගිය දින කිහිපයේදී අම්පාර පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශන වලදී ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් සංවිධානයේ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.