Thursday, May 16, 2024

General line - 0115112241

කොළඹ වරාය අසලදී ධිවරයින් 13 දෙනෙක් අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




කොළඹ වරායට පිවිසෙන හා පිටවන මුහුදු මාර්ග අවහිර කරමින් අධි ආරක්ෂිත කලාපයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 13දෙනෙකු යාත‍්‍රා තුනක් සමග නාවික හමුදාව විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කලේ අවස්ථා ගණනාවකදී මේ පිලිබඳව ධීවරයින් දැනුවත් කර ඔවුන් ඉවත් කිරීමට පියවර ගත්ත ද ධීවරයින් නැවත පැමිණ එම ප‍්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වන බව සඳහන් කර සිටියා. මෙම ප‍්‍රදේශයේ ධීවර කටයුතු තහනම් කර තිබියදී නෞකා සඳහා සංඥා ලබාදෙන බෝයාවල පවා දැල් ගැට ගසමින් ධීවරයින් ධීවර කටයුතුවල නිරත වන බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කලේ.

මෙම මුහුදු  මාර්ග අවහිර කරමින් ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් ජාත්‍යන්තර නෞකා ගමනාගමනයට බාධාවක් වන අතර මෙම තත්ත්වය පාලනය කිරීමට කටයුතු නොකළහොත් එම නෞකාවල ගැටීමෙන් ධිවරයින් අනතුරට පත්වීමේ අවධානමක්ද පවතින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ. 

මේ සම්බන්ධයෙන් කොළඹ වරාය පොලිසිය දැනුවත් කර පොලිසිය හා නාවික හමුදාව ඒකාබද්ධව සිදුකළ වැටලීමකින් මෙම පිරිස අද අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.