Wednesday, May 15, 2024

General line - 0115112241

මාවුස්සාකැලේ ජලාශයට ඉස්සන් දෙලක්ෂ හැට දහසක් මුදා හැරේ

රංජිත් රාජපක්ෂ/ සමන්ත කුමාර




මාවුස්සාකැලේ ජලාශයට මිරිදිය ඉස්සන් පැටවුන් දෙලක්ෂ හැටදහසක් මුදා හැරීම අද සිදු කෙරුණා.

ඒ, ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය සහ ජනාධිපති ලේකම් කාර්යාලය එක්ව ක‍්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් යටතේයි.

මාවුස්සාකැලේ ජලාශය ආශ‍්‍රිතව ධීවර කටයුතුවල නිරත ජනතාවගේ ආදායම් තත්වය ඉහළ දැමීම සහ වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්වය ඉහළ දැමීමේ අරමුණින් එම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කෙරෙනවා.

ජලාශයට මුදාහරින ලද ඉස්සන් පැටවුන් වසරක් වැනි කාලයක් තුළ ග‍්‍රෑම් 500 සිට ග‍්‍රෑම් 750 දක්වා වැඩෙන බවත් මිරිදිය ඉස්සන් කිලෝවක් රුපියල් 1,500ක් වැනි මිලකට අලෙවි කළ හැකි බවත් ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය සදහන් කළා.