Sunday, May 19, 2024

General line - 0115112241

කොළඹ කසල සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්

ඩිල්ෂාන් මඩවල




කොළඹ නගරයේ ගොඩගැසී ඇති කසල අරුවක්කාලු සනීපාරක්ෂක කසල අංගනය වෙත බැහැර කිරීමට බාධා නොකරන්නැයි අභියාචනාධිකරණය අද (09) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. කොළඹ නගරයේ කසල මීට පෙර බැහැර කෙරුණේ කෙරවලපිටිය කලස අංගනයටයි.

එහෙත්, ඒ වෙත කසල බැහැර කිරීම මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉකුත් දා තහනම් කෙරුණා. කොළඹ නගරය පුරා කසල ගොඩගැසී ගැටලුව උග්‍ර වූයේ ඉන් පසුවයි.