Sunday, May 19, 2024

General line - 0115112241

රනිල්ගේ ප්‍රකාශයට පොදුජන පෙරමුණෙන් විරෝධය

මහේෂ් චතුරංග




රට ටර්මිනේටර්වරයෙකුට භාර දුන්හොත් රට කම්මුතු වනු ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ කළ ප‍්‍රකාශයට, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන ප‍්‍රතිචාර දැක්වුවා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ මෙම ප‍්‍රකාශය කළේ ඊට පෙර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කළ ප‍්‍රකාශයක් උපුටා දක්වමින්.

රට භාර දිය යුත්තේ රට ආරක්ෂා කරන අයෙකුට මිස, එය කම්මුතු කරන අයෙකුට නොවන බව ද අග‍්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියා. අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම ප‍්‍රකාශයට පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන දැක්වූයේ මෙවන් ප‍්‍රතිචාරයක්.