Sunday, May 19, 2024

General line - 0115112241

"අරුවක්කාලු හැදුවෙත් ගෝඨා, ගෝඨා කසළ සමග දේශපාලනය කළේ නෑ" කොළඹ කුණු ගැටලුව මැද ගෝඨාගේ කළමණාකරණ හැකියාව එජාප නාගරික මන්ත්‍රීන්ගේත් ප්‍රශංසාවට

සමන්ත කුමාර/ මහේෂ් චතුරංග




කොළඹ නගරය පුරා එක්රැස් වී ඇති කසල තවත් දින 02 ක් පමණ ඇතුළත සම්පූර්ණයෙන්ම අරුවක්කාලූ සනීපාරක්ෂක කසල අංගනය වෙත බැහැර කිරීමට හැකි වනු ඇතැයි කොළඹ මහ නගර සභාව විශ්වාසය පළ කරනවා. මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර. 

මේ අතර කොළඹ නගරයේ එක්රැස් වන කසල අරුවක්කාලූ කසල අංගනයට බැහැර කිරීමට අදාළ පෞද්ගලික ආයතනය වෙත කරන ගෙවීම් සම්බන්ධයෙන් ඊයේ (09) පාර්ශව කිහිපයක් චෝදනා එල්ල කළා. අදාළ ගණුදෙනුවලදී මූල්‍ය වංචාවක් සිදුවන බවට සැක මතුවන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අරුන්දික ප‍්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී කියාසිටියේ.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා ඊයේ පස්වරුවේ නාගරික මන්තී‍්‍රවරුන් පිරිසක්ද මාධ්‍ය හමුවක් පැවැත්වුවා. එහිදී අදහස් දැක්වූ කොළඹ නාගරික මන්තී‍්‍ර රෝයි බෝගහවත්ත.

මේ අතර කොළඹ නගරයේ ගොඩගැසී ඇති කසල අරුවක්කාලූ සනීපාරක්ෂක කසල අංගනය වෙත බැහැර කිරීමට බාධා නොකරන්නැයි අභියාචනාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක්  ද නිකුත් කළා. කොළඹ නගරයේ කසල මීට පෙර බැහැර කෙරුණේ කෙරවලපිටිය කසල අංගනයටයි. එහෙත්, ඒ වෙත කසල බැහැර කිරීම මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉකුත් දා නතර කිරීමට තීරණය කළේ එහි ධාරිතාව උපරිම මට්ටමට පැමිණීමත් සමගයි. කොළඹ නගරය පුරා කසල ගොඩගැසී ගැටලූව උග‍්‍ර වූයේ ඉන් පසුවයි.