Sunday, May 19, 2024

General line - 0115112241

පළමු රන්දෝළි පෙරහැර අද

හේරත් ඒකනායක/ ජේ ඒ එල් ජයසිංහ




මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ 2019 ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත‍්‍රියේ වීථි සංචාරය කෙරෙනවා. රාත‍්‍රී 7.32 ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර ගමන් මාර්ගය පිළිබඳ කරුණු දැක්වූ මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල.

පෙරහැර නැරඹීමට පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක‍්‍රියාත්මක  ආරක්‍ෂක වැඩපිළිවෙළ පිළිබඳව ද දියවඩන නිලමේවරයා කරුණු දැක්වූවා.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර එළඹෙන 14 වනදා රාත‍්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. පසුදා අළුයම ඓතිහාසික ගැටඹේ තොටුපොළේ දී දිය කැපීමේ චාරිත‍්‍රයෙන් අනතුරුව 2019 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වනවා.