Sunday, May 19, 2024

General line - 0115112241

සජිත්ගේ කොන්දේසිය කෘත්‍යාධිකාරී මණ්ඩලයේදි විසඳා ගැනීමට යයි

සමන්ත කුමාර/ මහේෂ් චතුරංග




එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන් නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස කළ යෝජනාව පිළිබද පක්ෂ කෘත්‍යධිකාරි මණ්ඩලය තීරණයක් ගනු ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. නව සන්ධානයක් පිහිටුවන්නේ නම් එම සන්ධානය පිහිටුවිය යුත්තේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීමෙන් පසුව බවටයි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. 

ඒ පිළිබද නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව කියා සිටියා. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ ද මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.

පාක්ෂිකයන්ගේ ඉල්ලීම අනුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය නියත වශයෙන්ම අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස වෙත හිමිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද  මන්තී‍්‍රවරයා මෙහිදී කියා සිටියා.