Sunday, May 19, 2024

General line - 0115112241

මහාධිකරණ විනිසුරු සංගමයට නව නිලධාරී මණ්ඩලයක්

දිනුක් හේවාවිතාරණ




මහාධිකරණ විනිසුරුවරුන්ගේ වාර්ෂික මහා සභා රැස්වීම කොළඹ මහාධිකරණයේදී එහි සභාපති එස්.යු.බි.කරල්ලියැද්ද සහ ලේකම් මංජුල තිලකරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (10) පැවැත්වුනා.

එහිදී 2019/2020 වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්වුවා. එහිදී සභාපති ලෙස සම්පත් අබේකෝන්, උප සභාපති ශෂී මහේන්ද්‍රන්, ලේකම් ආදිත්‍ය පටබැදිගේ, උප ලේකම් සුජීව නිශ්ශංක, භාණ්ඩාගාරික මොහොමඩ් ඉර්ෂඩින්, සංස්කාරක නවරත්න මාරසිංහ යන මහත්වරුන් පත් කරගනු ලැබුවා.

එමෙන්ම සාමාජිකයින් 10 දෙනෙක් ගෙන් යුත් නව විධායක කමිටුවක් තෝරා පත් කර ගැනීම අද රැස්වූ මහ සභා රැස්වීමේදී සිදුකරනු ලැබුවා.