Sunday, May 19, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් සී ෂෙල්ස් අත්අඩංගුවේ

සමන්ත කුමාර




ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් සී ෂෙල්ස්හි ධීවර අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටිනවා. ධීවරයින් 07 දෙනෙකු එම කණ්ඩායමට ඇතුළත්. 

සී ෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු සිදු කරමින් සිටියදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් ගමන් කළ යාත්‍රාව ද සී ෂෙල්ස්හි ධීවර අධිකාරිය විසින් රඳවාගෙන තිබෙනවා.