Sunday, May 19, 2024

General line - 0115112241

ජනපති මෛත්‍රී කාම්බෝජයේදී බෞද්ධාගමික වතාවත්වල




කාම්බෝජයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද එරට අගනගරය වන නොම්පෙන්ග්හි වට් ලංකා ප්‍රා කුසුමාරම් විහාරස්ථානයේදී ආගමික වතාවත්වල නිරත වුණා. ථේරවාදී බුදු දහම ලොව පුරා ප්‍රචාරය කරන වැඩපිළිවෙලේදී කාම්බෝජය සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ. ඒ වෙනුවෙන් දෙරටෙහි තානාපති සබඳතා ශක්තිමත් කිරීමට ද කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසුවා.

ඒ අනුව ශ්‍රී ලංකා තානාපති කාර්යයාලයක් කඩිනමින් කාම්බෝජයේ ආරම්භ කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ. එතෙක් සම්බන්ධීකරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා කොන්සල්වරයෙක් කාම්බෝජයට පත් කරන බව ද ජනාධිපතිවරයා පැවසුවා.