Sunday, May 19, 2024

General line - 0115112241

සියලු බන්ධනාගාර ශ්‍රේණිගත කිරීමට යයි

නිශාන් ද සිල්වා




බන්ධනාගාරවල අඩුපාඩු මගහරවා ගැනීම සදහා ඒවා ශ්‍රේණිගත කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ, බී, සී සහ ඩී ලෙස ඛාණ්ඩ 4 කට බෙදීමට නියමිතයි. ප්‍රථමයෙන් බන්ධනාගාරවල තිබෙන අඩුපාඩු පිළිබද දෙපාර්තමේන්තුව විස්තර ගෙන්වා ගැනෙනවා.

ඒවා විසදිය යුතු ආකාරය පිළිබද දෙපාර්තමේන්තුව විසින් උපදෙස් ලබාදෙන අතර ඉන්පසු ලබාදෙන උපදෙස් පරිදි ක්‍රියාවට නැංවිය යුතු වනවා. තහනම් භාණ්ඩ බන්ධනාගාර තුළට යාම වළක් ගැනීම සදහා ද ඒ හරහා වැඩපිළිවෙලක්ද සකස් කිරීමට නියමිතයි. ලබාදෙන උපදෙස් මත බන්ධනාගාරවල රාජකාරී සිදුකරනවාද යන්න නිලධාරීන් මණ්ඩලයකගේ අධීක්‍ෂණයට ලක් කෙරෙනවා. පසුව ලකුණු ලබාදීමේ ක්‍රමයක් හරහා ඒ, බී, සී සහ ඩී ලෙස ඛාණ්ඩ 4 කට බන්ධනාගාර ශ්‍රේණිගත කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.