Sunday, May 19, 2024

General line - 0115112241

ගුරුවරුන්ගේ ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කරන්න ඔන්ලයින් ක්‍රමයක්




ගුරුවරුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම සංවර්ධනය කිරීම සහ මැන බැලීම සඳහා ඔන්ලයින් ක්‍රමයක් හඳුන්වාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වනවා. බි්‍රතාන්‍ය අධ්‍යාපන ආයතනයක් සමග එක්ව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

පළමු අදියරේදී සියලු පළාත් ආවරණය වන පරිදි තෝරා ගත් ඉංග්‍රීසි ගුරුවරුන් 500 දෙනෙකු මේ සඳහා සහභාගී කර ගැනෙනවා. ඔවුන්ගේ ඇගයීම් වාර්තා සැලකිල්ලට ගෙන ඉංග්‍රීසි භාෂා දැනුම පිළිබඳ අවම ප්‍රවීණතා මට්ටමක් හඳුන්වා දීමට ද, එම අවම මට්ටම ඉක්මවා යන ගුරුවරුන් සඳහා දිරි ගැන්වීමේ දීමනාවක් ලබා දීමට ද යෝජිතයි.