Sunday, May 19, 2024

General line - 0115112241

පොලිස් අත්අඩංගුවේදී සැකකරුවෙකු මියයයි

ඩිල්ෂාන් මඩවල




මට්ටක්කුලිය පොලීසියේ අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකු මිය ගොස් තිබෙනවා. මෙම සැකකරු සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි අයෙක්.

සොරකම සිදු කිරීමට ඔහු උත්සහ කර ඇත්තේ මට්ටක්කුලිය කදිරාන ප්‍රදේශයේ මහල් නිවාසයකයි. කාන්තාවකගේ කෑ ගැසීම ඇසී ඔහු එහි 03 වන මහලෙන් බිමට පැන තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් එම අවස්ථාවේදී සැකකරු කොටුකර ගෙන ඇති අතර පසුව මට්ටක්කුලිය පොලීසියට භාර දී තිබෙනවා. මට්ටක්කුලිය පොලීසියේ අත්අඩංගුවේ සිටියදී සැකකරු මියගොස් ඇත්තේ අද  (10) උදැසන 08 ට පමණයි. 

මේ අතර පොලීසියේ අත්අඩංගුවේ සිටියදී සැකකරු මිය යාම සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාශය භාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ද මේවනවිටත් ආරම්භ කර තිබෙන බවයි පොලීසිය පවසන්නේ. 

මට්ටක්කුලිය පොලීසියේ අත්අඩංගුවේ සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙක්. ඔහුගේ අනන්‍යතාව ද මේවනවිට තහවුරු කර ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර. 

අදාළ සැකකරු පිළිබඳ පොලීසියට තොරතුරු ලැබුණේ 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.