Saturday, May 18, 2024

General line - 0115112241

සමුළුවට නොගියත් අමරවීරගෙන් පොහොට්ටුවට සුභ පැතුම්

ඩිල්ෂාන් මඩවල




ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය අවසන් තීන්දුවට එළඹෙන්නේ ජනතාවගේ පැත්තේ සිට ගනිමින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා එම අදහස් පළ කළේ බදුල්ලේ අද (10) පැවැති ජනහමුවකදියි.

මේ අතර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලබන තීරණය කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීරගෙන් ද මාධ්‍යවේදීන් අද ප්‍රශ්න කළා. ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ හෙට පවත්වන මහා සමුළුව පිළිබඳව ද එහිදී ප්‍රශ්න කෙරුණු අතර ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ තමන් ඊට සහභාගී නොවන බවයි. එහෙත් ඊට සුභ පතන බව ද මන්ත්‍රීවරයා පැවසුවා. 

මහින්ද අමරවීර මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් වෙත මෙම අදහස් පළ කළේ හම්බන්තොටදීයි.