Saturday, May 18, 2024

General line - 0115112241

කිරිබත්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටේ (PHOTOS)

හේමන්ත කහවලගේ / ඩිල්ෂාන් මඩවල / ටී.කේ. මහින්ද




කිරිබත්ගොඩ ප්‍රදේශයේ නිවාස 10,000 කට පමණ විදුලි සැපයුම බිඳ වැටී තිබෙනවා. කිරිබත්ගොඩ ප්‍රාථමික විදුලි උපපොළේ සිට විදුලිය බෙදා හැරෙන විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් විදුලි සැපයුම මෙලෙස බිඳ වැටී ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය පැවසුවේ. පිලිසකර කිරීමේ කටයුතු කඩිනමින් සිදු කෙරෙන බව ද ප්‍රකාශ කෙරුණා. 

තවත් ප්‍රදේශ කිහිපයක ද අද වරින්වර විදුලි සැපයුම බිඳ වැටුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම නිසා පිටබැද්දර ප්‍රදේශයේ ද මෙලෙස විදුලි සැපයුම බිඳ වැටුණා. තැන්නහේන ප්‍රදේශයේදී ගස් කඩා වැටීම හේතුවෙන් පිටබැද්දර උඩුගම මාර්ගයේ වාහන ධාවනයට ද අවහිරතා ඇතිවී තිබෙන බවයි නෙත් නිවුස් මාතර වාර්තාකරු ටී කේ මහින්ද පවසන්නේ.

වැලිගම මිරිස්ස ප්‍රදේශයේ නිවසක් මතට ද ගසක් කඩා වැටී තිබෙනවා. මොරටුව වේල්ස්කුමර විද්‍යාලයේ නවතා තිබූ බස් රථයක් මතට ද අද දහවල් ගසක් කඩා වැටී ඇති බවයි වාර්තා වුණේ. වරින්වර ඇති වන තද සුළං හේතුවෙන් මෙම ආපදා සිදුව තිබෙනවා.