Saturday, May 18, 2024

General line - 0115112241

වරින්වර තද සුළං සහ තද වැසි තවදුරටත්




වරින්වර ඇතිවන තද සුළං සහ තරමක තද වැසි රටපුරා ප්‍රදේශ බොහෝමයක තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ, එහි වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක. 

රට වටා මුහුදු ප්‍රදේශවල අපේක්ෂත කාලගුණික හැසිරීම පිළිබඳව ද මෙහිදී අනාවැකි පළ කෙරුණා. 

මුහුදේ ඇතිවිය හැකි මෙම රළු හැසිරීම සහ මුහුදු ප්‍රදේශවල වරින්වර ඇතිවන තද සුළං පිළිබඳ ධීවර සහ නාවික ප්‍රජාව ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.